hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 12, ප.ව. 4:59


ඔරුවක් පෙරළීමෙන් පාසල් ළමුන් තුන්දෙනෙක් සහ ගුරුවරයෙක් මරුට

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අතුරුදන්ව සිටි ගුරුවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හමුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, එලෙස සොයාගෙන ඇත්තේ 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකුගේ සිරුරු බවයි.

පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබුනා.

එහිදි සිව්දෙනෙක් දියේ ගිලී තිබු අතර සෙසු පිරිස දිවි බේරාගෙන තිබෙනවා.