hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2024 ජූලි 17, ප.ව. 12:59


ඩයනා පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු එම පෙත්සම අද කැඳවනු ලැබුණු අවස්ථාවේදි පවසා ඇත්තේ තව දුරටත් එම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: