hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 6:40


දුමින්ද නාගමුව CIDයට පැමිණෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණියා.

ඒ තමන්ට අපහාස වන පරිදි ෆෙස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කර තිබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

දුමින්ද නාගමුව, පසුගිය මස 12 වනදා පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට ප්‍රකාශ කර තිබුණා.

ඉන් අනතුරුවයි මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: