hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 28, ප.ව. 9:09


මෙල්බර්න්හි භූකම්පනයක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට රික්ටර් මාපාංක 3.8ක භූකම්පනයක් බලපා තිබෙනවා.

එරට භූ විද්‍යා ආයතන පවසා ඇත්තේ, කිලෝමීටර 3ක් ගැඹුරින් මෙය හටගෙන ඇති බවයි.

එරට වෙලාවෙන් අද (28) 11:41ට පමණ මෙය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

තත්පර 15ක් පමණ මෙහි බලපෑම පැවතුන බවද මෙල්බර්න් වැසියන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.