2024 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 8:11
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කළ බවය.
ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සඳහන්ය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වෙයි.
65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
පසුගිය මැයි මස 6 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබීය.
2025 මැයි 20, ප.ව. 2:50
2025 මැයි 20, පෙ.ව. 10:59
2025 මැයි 19, ප.ව. 2:07
2025 මැයි 19, ප.ව. 1:22
2025 මැයි 19, ප.ව. 12:28
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25