2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:45
කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවට මේ වන විට වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි නිවසක බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, ගිනි නිවීමේ රථ කිහිපයක්ම එම ස්ථානයට පිටත් කර හැරීමට කඩිනම් පියවර ගෙන ඇත.
මේ වන විට ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වී, ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.
ගින්නට හේතුව හෝ ඉන් සිදු වූ අලාභය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:13
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:57
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56