hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:13


නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයේ ගින්න සැර වෙයි – සිරවී සිටින අය මුදාගැනීමට දැඩි වෙහෙසක්

නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනිනිවන රථ 13ක් පිටත්කර යවා තිබේ.

අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ.

කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: