hit counter

2025 අගෝස්‍තු මස 19 වන අඟහරුවාදා

2024 ජනවාරි 01, පෙ.ව. 6:47


වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරයි – නව මිල ගණන් මෙන්න

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366කි.

95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 464ක් ය.

ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක් ලෙසයි.

තව ද, ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 475ක් ය.

මේ අතර, ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.