2024 ජනවාරි 01, පෙ.ව. 6:47
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ය.
ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366කි.
95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 464ක් ය.
ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක් ලෙසයි.
තව ද, ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 475ක් ය.
මේ අතර, ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236ක් ය.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05