hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 31, ප.ව. 8:06


ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි.

රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313කි. 

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: