hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 11:25


ගෑස් නැවක් අද කොළඹට

ගෘහස්ත එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාවක් අද (26) උදෑසන 8.30ට කොළඹ වරායට සේන්දු වූ බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව එම ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු හෙට (27) සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, මුදල් ගෙවා ඇති තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක නෞකාවක් අප්‍රේල් මස 28 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ද ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.