hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 23, පෙ.ව. 10:31


30 වැනි සිකුරාදාත් විශේෂ බැංකු නිවාඩුවක්

ජුනි 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1971 අංක 29 දරන නිවාඩු දින පනතේ 10 (1) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.