hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 15, ප.ව. 4:11


යාපනයේ උණුසුම් තත්ත්වයක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලීසිය විසින් අරසඩි හන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද යාපනයට ගොස් සිටිනවා.