hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 01, ප.ව. 9:34


කන්දකාඩු සිද්ධිය: 4ක් අත්අඩංගුවට

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (01) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි.

ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථා දෙකකදී රැඳවියන් 647 දෙනකු සෝමාවතී රක්ෂිතයට පැන ගොස් සිටි අතර යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී රැඳවියෝ රැසක් අත්අඩංගුවට පත්වූවා.

පලාගිය රැඳවියෝ අතරින් 126 කට ආසන්න රැඳවියන් පිරිසක් අතුරැදන්ව සිටින බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (02) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.