hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 04, පෙ.ව. 10:29


චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.