2022 ඔක්‍තෝබර් 21, ප.ව. 4:59
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21) පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා.
මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේද ජලය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවද එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16