hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 21, ප.ව. 4:59


කාසල්රි ජලාශය වාන් දමයි

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21) පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා.

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේද ජලය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවද එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.