2023 ජනවාරි 08, ප.ව. 1:06
කුරුණෑගල පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව ලෙස හැදින්වු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් පවතින බව වාර්තා වනවා.
මේ අනුව අද (08) සිට එම ගොඩනැගිල්ලේ වහලය සහිත කොටස ඉවත් කිරීම් කටයුතු සිදු කරමින් පවතින බව සඳහන්.
ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී ඇති මෙම ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහනායක හිමිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව ඊයේ (07) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.