hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:40


මෛත්‍රීට නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(16) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළා.

ජේසුදාසන් නඩේසන් සහ සිරිල් ගාමිණී පියතුමන් විසින් විසින් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් ගොනුකළ පෙත්සමක් අද සලකා බැලීමේ දී මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.