hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:56


නිරංජලා සරෝජිනීට රිය අනතුරක්

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, උඩහමුල්ල ප්‍රදේශයේදී.

නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෝටර් රථයක් අදාළ ත්‍රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.