2022 මැයි 06, ප.ව. 3:19
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ යුතු දේ වහාම කතානායකවරයා පැමිණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියා.
එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක තැනකට එක්රොක් වෙමින් මුලසුන සිටින මන්ත්‍රීවරයාට දැඩිව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවිම හෝ පාර්ලිමේන්තුව නැවත්වීම කළ යුතු බවයි.
නැතහොත් විශ්වාසභංගය ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.
ඒ සමගම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.
එය දිගින් දිගටම වර්ධනය වීම හේතුවෙන් මුලාසනාරූඪ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට පියවර ගත්තා.
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56
2025 අප්‍රේල් 10, ප.ව. 3:20
2025 අප්‍රේල් 09, ප.ව. 2:04
2025 අප්‍රේල් 09, පෙ.ව. 9:39