hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 06, ප.ව. 3:19


පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් –  විනාඩි 10කට කල් තබයි

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ යුතු දේ වහාම කතානායකවරයා පැමිණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියා.

එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක තැනකට එක්රොක් වෙමින් මුලසුන සිටින මන්ත්‍රීවරයාට දැඩිව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවිම හෝ පාර්ලිමේන්තුව නැවත්වීම කළ යුතු බවයි.

නැතහොත් විශ්වාසභංගය ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ.

ඒ සමගම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වුණා.

එය දිගින් දිගටම වර්ධනය වීම හේතුවෙන් මුලාසනාරූඪ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට පියවර ගත්තා.