hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 8:36


පුල්මුඩේ උණුසුම් තත්ත්වයක්

පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි  කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබෙනවා.

මෙම ගැටුමෙන් තුවාල ලැබු තවත් තිදෙනෙකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනය වි ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක  01හි පදිංචිකරුවන් වන අබ්දුල් පරිඩ් අලවුදීන් හා සින්න මරික්කාර් බදූර් නැමැති අයයි.

මියගිය දෙදෙනා ගැටුම් ඇතිකර ගත් පාර්ශව දෙකේ දෙදෙනෙකු වෙනවා.

මෙම කුඹුරු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අබ්දුල් පරිඩ් නැමැත්තාගේ පවුලේ සහෝදරයන් හා සින්නමරික්කාර නැමැත්තාගේ පවුලේ සහෝදරයන් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.