hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 09, පෙ.ව. 11:26


ෆොන්සේකා තනතුරකින් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව නිවේදනය කළා.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කාරක සභා සාමාජිකත්වයට පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ.