hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 9:04


මිනුවන්ගොඩදී පාතාලය හා STF අතර වෙඩි හුවමාරුවක් – පාතාලයේ 2ක් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වෙඩි හුවමාරුවකින් මරණයට පත්ව තිබෙනවා.

2022.08.24 වන දින ඌරගහ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා 2022.10.19 වන දින යක්කලමුල්ල පොලිස් වසමේ දී වයස අවුරුදු 04 ක් වයසැති කුඩා දරුවෙකු හා පියා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ ප්‍ර‍ධාන වෙඩික්කරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි හුවමාරුව ඇතිව තිබෙනවා.

සිදු වූ තුවාල හේතුවෙන් සැකකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මිලාන් කෝසල (ජුන්ඩා) සහ ගමගේ ඩිලුක (මුලා) මෙම පුද්ගලයින් වනවා.

එහි දී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.