2022 නොවැම්‍බර් 18, පෙ.ව. 9:04
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වෙඩි හුවමාරුවකින් මරණයට පත්ව තිබෙනවා.
2022.08.24 වන දින ඌරගහ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා 2022.10.19 වන දින යක්කලමුල්ල පොලිස් වසමේ දී වයස අවුරුදු 04 ක් වයසැති කුඩා දරුවෙකු හා පියා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන වෙඩික්කරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි හුවමාරුව ඇතිව තිබෙනවා.
සිදු වූ තුවාල හේතුවෙන් සැකකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මිලාන් කෝසල (ජුන්ඩා) සහ ගමගේ ඩිලුක (මුලා) මෙම පුද්ගලයින් වනවා.
එහි දී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19