2023 ඔක්‍තෝබර් 09, ප.ව. 4:16
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර ඔහු පළායාමට උත්සාහ ගෙන තිබෙනවා.
එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී එල්ලවූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙක්.
පේදුරුතුඩුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 අගෝස්‍තු 18, ප.ව. 12:51
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05