hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූනි 26, ප.ව. 1:44


විරෝධතාකරුවන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මෙම විරෝධතාවය සාමකාමීව පවත්වන ලෙසට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවය පොලිස් බාධක නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළා.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව අප වාර්තාකරු සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: