hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2022 ජූනි 25, ප.ව. 5:17


ඉන්ධන පෝලිමේ පිහි ඇනුමේ හේතුව එළියට

වැල්ලවාය නගරයේ IOC ඉන්ධන පිරවුම්හලක් අසල සිදුවු පිහි ඇනුමට හේතුව ඉන්ධන පෝලිමේ ඉදිරියට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුම්කාරී තත්ත්වයක් බව පොලීසිය පවසයි.

බූලිවලට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ප්‍රදේශයේ තණකොළ කපන පුද්ගලයෙකු තණකොළ කපන යන්ත්‍රය ද රැගෙන ඉන්ධන පෝලිමේ ඉදිරියට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් ගැටුමට මුල්වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉන්ධන නොලැබීම හේතුවෙන් දින 3ක සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටි ත්‍රීරෝද රථ රියදුරන් සිව්දෙනෙකු අදාළ පුද්ගලයාට ප්‍රථමයෙන් පහරදීම සිදු කර තිබෙන අතර එහිදී පහර කෑ පුද්ගලයා ඔහු සතුව තිබූ පුවක් කැපීමට භාවිත කරන පිහියකින් එම පිරිසට පහරදී තිබෙනවා.

එහිදී, තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති අතර පිහිපහර එල්ල කළ පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

පළාගිය සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.