2023 අගෝස්‍තු 08, ප.ව. 2:54
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද (08) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කල බවට ලැබී තිබූ පැමිණිලි මත එම භික්ෂුව පොලිසියට කැදවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසනවා.
අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 11:55