hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 08, ප.ව. 2:54


නවගමුව සිද්ධියේ හිමිනම අත්අඩංගුවට

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද (08) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කල බවට ලැබී තිබූ පැමිණිලි මත එම භික්ෂුව පොලිසියට කැදවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසනවා.

අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.