hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 06, ප.ව. 4:56


අදත් දුම්රිය ගමන්වාර 24ක් අවලංගුයි

පවතින රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනයේ දීත් දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ඊයේ සහ පෙරේදා දිනවල දී ද දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වුණේ, රියදුරු හිඟය හේතුවෙන්.

හෙට දිනයේ දී හැකි උපරිම අන්දමින් කාර්යාලය දුම්රිය ඇතුළු අනෙකුත් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළා.