hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 22, පෙ.ව. 11:39


මහින්දද? තිලංගද? එජනිස මහ ලේකම් ධූරය ගැන මැකෝ තීන්දුවක් ගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත දැනුම්දෙමින් මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එහි තීරණය ලැබෙන තෙක් මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි.