hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 මැයි 20, ප.ව. 2:38



පසුගිය සතියට සාපේක්ෂව අද (20) ශ්‍රී  ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

සෙලාන් බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.50 සිට රු. 293.75 ක් සහ රු. 304 සිට රු. 303.25, පිළිවෙලින්.

NDB බැංකුව – ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 293.50 සිට රු. 292.85 ක් සහ විකුණුම් මිල රු. 304.50 සිට රු. 303.85 කි.

මහජන බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.68 සිට රු. 294.24 ක් සහ රු. 304.66 සිට රු. 304.20, පිළිවෙලින්.

කොමර්ෂල් බැංකුව – ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු.294.21 සිට රු. 293.33 ක් සහ රු. 304.50 සිට රු. 303.50, පිළිවෙලින්.

සම්පත් බැංකුව – ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 295.50 සිට රු. 295 සහ රු. 304.50 සිට රු. 304, පිළිවෙලින්  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: