2023 මාර්තු 30, පෙ.ව. 9:59
එළැඹෙන සිංහල අවුරුදු සමය වන විට ඉන්ධන මිල තවත් අඩු වී ආනයනික බිත්තර හිඟයක් නොමැතිව බේකරි වලට ලැබෙන්නේ නම් එම සහනය සිංහල අවුරුද්දට ජනතාවට ලබාදීම සඳහා බේකරි නිෂ්පාදනවල මිල අනිවාර්යෙන්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල අඩු වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මේ මොහොතේ අඩු කළ නොහැකි බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර ඉන්ධන මිල වැඩි වුණු අවස්ථා වලදී සහ අඩුවුණු අවස්ථාවලදී බේකරි නිෂ්පාදන වල මිල වැඩි හෝ අඩු නොකළ බවයි.
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තරම් මෙවර ඉන්ධන මිල සංශෝධනය වී නොමැති බව එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරනවා.
බේකරි කර්මාන්තයේ දී ඩීසල්, පෙට්‍ර්ල්, භූමිතෙල්, ගෑස් සහ දර උපයෝගී කර ගන්නා බවත්, දිනකට බේකරි වලට ඉන්ධන විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්බර් 23, ප.ව. 5:07
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48