2026 මාර්තු 11, ප.ව. 2:38
මහජන බැංකුව විසින් සිය ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ මීරිගම ප්‍රදේශයේ ව්‍යවසායකයින් සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) අතර මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර තිරසරභාවය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණු අතර විය.
මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට ව්‍යවසායකයින් 60කට ආසන්න පිරිසක් සහභාගි විය. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම් නාරායන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමු`ඵවේදි මූල්‍ය දැනුම වැඩිදියුණු කිරීම, මූල්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ව්‍යවසායකයින් අතර තිරසර ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම කෙරෙහි මූලික අවධානය යොමුවිය.
මෙම අවස්ථාවට මීරිගම සහකාර ප්‍රාදේශිය ලේකම් ලහිරු තරංග විජේවික්‍රම, මහජන බැංකුවේ කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාරිනි හරින්ද්‍රානි අබේවික්‍රම, ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර රජීව් කරුණානායක, යුනියන් පෙදෙස ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වී.ටී.ආර්. වසන්ත කුමාර සහ ශ්‍රී ලංකා ජාතික ශිල්ප කවුන්සිලයේ බස්නාහිර පළාතේ වැඩබලන අධ්‍යක්ෂිකා තාරකා කුලතුංග යන මහත්ම මහත්මින් ද සහභාගි වූහ.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06