2023 අප්‍රේල් 06, පෙ.ව. 4:43
මෙවර මහ කන්නයේදී රජය පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට මූල්‍යමය සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බව යි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ සඳහා QR කේතයක් සෑම ගොවියෙකුට ම ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකි වනු ඇත.
2022 සහ 2023 යල කන්නයේදී යූරියා පොහොර හා බන්ඩි පොහොර බෙදා හැරීම සඳහා රජය රුපියල් බිලියන 6.5ක් වැය කර ඇති අතර මෙවර යල කන්නයේදී මඩ පොහොර බෙදා හැරීම සඳහා රුපියල් බිලියන 2ක් වැය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙනවා.
මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබා දීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩ පිළිවෙළෙහි අරමුණයි.
මඩ පොහොර නොමිලේ ම රජය ලබා දෙන අතර අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා සියලු ම ගොවීන්ට කූපන් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්බර් 23, ප.ව. 5:07
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48