hit counter

2025 දෙසැම්‍බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:12



2025 ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී, ආසියා පැසිෆික් කලාපයේ වැඩිම සම්මානලාභී සමාගම බවට පත් වීමට එපික් ටෙක්නොලොජි සමූහය සමත් වී තිබෙනවා.

ශ්‍රී ලාංකික සමාගමක් මෙම සම්මාන උළෙල ඉතිහාසයේ හිමි කර ගත් වැඩිම සම්මාන ප්‍රමාණය ලෙසයි එය වාර්තා අතරට එක්වන්නේ.

තායිවානයේ කාඕසියුං හි දී පැවැත්වුණු 2025 ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී (Asia Pacific ICT Alliance Awards – APICTA) රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගැනීමට එපික් ටෙක්නොලොජි සමූහය සමත් වුණා.

ඒ, ආසියා පැසිෆික් කලාපයේ වැඩිම සම්මානලාභී සමාගම බවට පත් වෙමින්. 24 වසරක සම්මාන උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකික සමාගමක් තනි වසරක් තුළ දිනා ගනු ලැබූ වැඩිම සම්මාන ප්‍රමාණය ලෙසයි මෙය සනිටුහන් වන්නේ.

ඩිජිටල් බැංකුකරණය (Digital Banking), මූල්‍ය තාක්ෂණය (Financial Technology – FinTech), නියෝජිත බැංකුකරණය (Agency Banking) සහ දත්ත ආරක්ෂණය (Data Security) යන ක්ෂේත්‍ර වෙනුවෙන් එපික් ටෙක්නොලොජි සමූහය විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට මෘදුකාංග විසඳුම්, රටවල් 17ක විසඳුම් 280කට වැඩි ප්‍රමාණයක් අතරින් මෙලෙස ඇගයීමට ලක් වුණා.

තරගාවලියට සහභාගි වී ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් එපික් ටෙක්නොලොජි කණ්ඩායම පසුගිය දා යළි දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා එපික් කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයට එක්ව සිටියා.