hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 31, ප.ව. 3:42



ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) “වසරේ විශිෂ්ඨතම නව්‍ය නිෂ්පාදනය” Innovative Product of the Year කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber Institute of Sri Lanka (PRISL)] මඟින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේ ප්ලාස්ටික්, රබර්, ලේටෙක්ස් සහ ප්‍රතිචක්‍රීකරණය යන කර්මාන්ත සඳහා ලබාදුන් විශිෂ්ටතම දායකත්වයන් ඇගයීමට ලක්කිරීමය.

Arpico NextGen මෙට්ට සඳහා හිමි වූ මෙම සම්මානය, සිය පාරිභෝගිකයන් වෙනුවෙන් අතිනවීන මෙට්ට හඳුන්වා දෙමින් ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීම සඳහා Arpico දක්වන උනන්දුව හා කැපවීම වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ.

Arpico NextGen මෙට්ට යනු Arpico සන්නාමයේ දැක්ම මැනැවින් පිළිබිඹු කරන සුවිශේෂී නිෂ්පාදනයකි. Profile-cut air-cooling pocket තාක්ෂණය සහිත NextGen මෙට්ට, පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් යහපත් කරන නිෂ්පාදන හඳුන්වා දීම සඳහා  Arpico දරන නිරන්තර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින්, දැඩි පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියකින් පසුව බිහි වූ සුවිශේෂී නවෝත්පාදනයක් ලෙස හැඳින්විය හැක.  අතිනවීන German Computer Numerical Control (CNC) foam-cutting තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කරන NextGen මෙට්ට සිසිලස වැඩිදියුණු කරයි. මෙට්ටය භාවිතා කරන්නන්ගේ ශරීරයට අනුකූලව හැඩගැසීමේ හැකියාව සමඟින් වැඩි සුවපහසුවක් ලබාදෙමින්, දීර්ඝකාලීන ක්‍රියාකාරීත්වයක්ද සමඟින් නින්දේ ගුණාත්මකභාවය වැඩිදියුණු කර ප්‍රබෝධමත් පිබිදීමක තෘප්තිය ලබාදෙයි.  

“මෙම සම්මානය අප සමූහයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ Richard Pieris & Company PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දූරදර්ශී මඟපෙන්වීම යටතේ මෙහෙයවන ලද අපගේ කණ්ඩායමේ උත්සාහයන්ට සහ දක්ෂතාවන්ට මනා සාක්ෂියක්. පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් නවතම තාක්ෂණයන් භාවිතා කරමින් නව නිෂ්පාදන හඳුන්වා දීමට අප දරන උත්සාහයේ සාර්ථකත්වය එමඟින් තවදුරටත් තහවුරු වනවා. මෙම ජයග්‍රහණය අපගේ  නිම්වළලු තවදුරටත් පුළුල් කරමින් මීටත් වඩා විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැන්වීමට අප දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” Arpitech (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසීය.

Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් සහ ස්ප්‍රින් මෙට්ට, ෂීට්, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියෙකු වන, දශක ගණනාවක  ඉතිහාසයක් හිමි සමාගමකි. ISO 9001-2015 සහතිකකරණය හිමි Arpico සිය ජනප්‍රියතම නිෂ්පාදන එකතුවක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මව් සමාගම වන Richard Pieris & Company PLC හි දශක 9 කට අධික ඉතිහාසය තුළිනි. 1932 වසරේදී එක් ඉන්ධන පිරවුම් හලකින් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා හා කාර්ය සම්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විශාලතම සමාගම් අතරින් එකක් වන එය, ඉතා ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත සමූහ ව්‍යාපාරයක්ද වේ.