hit counter

2025 ජූලි මස 23 වන බදාදා

2025 ජූලි 22, ප.ව. 3:02



දිවයිනේ කීර්තිමත්ම මෝටර් රථ තරඟාවලියක් වන වළව සුපර්ක්‍රොස් තරඟාවලියේ 10 වැනි අදියර වසර පහක විරාමයකින් පසුව ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ලෙසින් නැවත කරළියට පිවිසීම පසුගියදා සෙවණගල ක්‍රාෆ්ට්ස්මන් ධාවන පථෙය්දී 50,000 කට ප්‍රෙක්ෂකයින් පිරිසක් මධ්‍යයේ අති සාර්ථකව සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථ වාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ වළවේ සුපර්ක්‍රොස් 2025 මෝටර් තරඟාවලියේදී, මෝටර් කාර් සහ මෝටර් සයිකල් යන ප්‍රධාන අංශ දෙක යටතේ, තරඟ ඉසව් 21 ක්  ක්‍රියාත්මක කෙරිණි. වසර 10 කට අධික කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන, මෙරට සුපිරිතම මෝටර් රථ ධාවකයෙක් වන අශාන් සිල්වා SL-GT 3500 ප්‍රධාන ඉසව්ව ජයග්‍රහණය කරමින් තවදුරටත් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත් වීම තරඟාවලියේ විශේෂත්වයක් විය.

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ – ශ්‍රී ලංකා ප්‍රධානී, වෛතිලිංගම් කිරිතරන් මහතා වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලියේ සාර්ථකත්වය සහ සිය අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “දේශීය මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ සහ සමස්ත මෝටර් රථ කෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලියේ සාර්ථකත්වය ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේම තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් අපි ඊට දැක්වූ දායක්වය සම්බන්ධයෙන්ද අපි නිහතමානීව ආඩම්බර වෙනවා. මෝටර් රථ ක්ෂේත්‍රය සමඟ අපේ ඇති බැඳීම අංක එකේ රථ වාහන රීෆිනිෂ් ආලේපන නිෂ්පාදනය වීමෙන් ඔබ්බට ගොස්, සමස්ත මෝටර් රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩවම කැපවීම දක්වා විසිරුණු දැවැන්ත බැඳීමක්. වළව සුපර්ක්‍රොස්  වැනි තරඟාවලිවලට අනුග්‍රහකත්වය දැක්වීමට අමතරව වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව යොවුන් මෝටර් රථ කාර්මික ශිල්පීන් හට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම වැනි ක්ෂේත්‍රයේ ප්‍රගමනය ඉලක්ක කරගත් තවත් බොහෝ සුවිශේෂී ව්‍යාපෘති ප්‍රමාණයක් ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. ක්ෂේත්‍රයේ විවිධ හවුල්කරුවන් සමඟ එක්ව මෙම සාර්ථකත්වයේ ගමන ඉදිරියටත් අඛණ්ඩවම පවත්වා ගෙන යාම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ බලාපොරොත්තුවයි.”

ආසියාවේ කීර්තිමත්ම සහ දැවැන්තම තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් සමූහයේ සාමාජිකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමගාම, සිය මව් සමූහය විසින් වසර 80 කට අධික කාලයක් පුරා රටවල් 15 කට අධික ප්‍රමාණයක ලබා ඇති පර්යේෂණ හා සංවර්ධන දැනුම සහ අත්දැකීම්, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිෂ්පාදන විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවේ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයට ගෙන එන නූතන සමාගමකි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් කාණ්ඩ ගණනාවක් යටතේ තීන්ත නිෂ්පාදන පරාස රැසක් වෙළඳපොළට ඉදිරිපත් කරන අතර එයින් ඔටෝ කාණ්ඩයට අයත් ප්‍රධානතම නිෂ්පාදනයක් වන රීෆිනිෂ් ආලේපනය, එහි කල්පැවත්ම, අනර්ඝ නිමාව සහ තාක්ෂණික විශිෂ්ටත්වය නිසා මෙරට ගරාජ්, වාහන සේවා ආයතන හිමියන්, කාර්මිකයින් සහ වෙනත් වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන ඇති නිෂ්පාදනයකි.

ඒෂියන් පේන්ට්ස් කොස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය කලකට පසුව සෙවණගලට උද්වේගය, ජවය සහ සැණකෙලි සිරියක් ගෙන ආ ඓතිහාසික මොහොතක් සනිටුහන් කළ අතරම සහයෝගීතාවය, නොපසුබස්නා උත්සාහය සහ කැපවීම තුළින් අත්පත් කරගත හැකි සාර්ථකත්වය පිළිබඳව සංකේතාත්මක ඉසව්වක් වශයෙන්ද ඉතිහාසගත විය. මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරඟාවලියකට නැවත පණ ලබා දෙමින් ඉටු කළ කාර්යභාරය පිළිබඳව ආඩම්බරයට පත්වෙන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම, ඉදිරියටත් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයේ ව්‍යාපෘති රැසකට සවිය දැක්වීමට දැනටමත් ඉදිරිපත් වී සිටී.