2025 නොවැම්‍බර් 17, ප.ව. 1:22
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ අලංකරණ තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් සිය ජනප්‍රියතම ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය වන Classique GLO (ක්ලැසික් ග්ලෝ) වැඩිදියුණු කර නැවත වෙළඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස Classique GLO නිෂ්පාදනය නැවත දියත් කිරීම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ දිවයින පුරා විසිරුණු දහස් සංඛ්‍යාත අලෙවි නියෝජිතයින් වෙනුවෙන් ‘The Uprising – Together for a GLO’rious Future’ යන තේමාව යටතේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන පැවත්වුණු උත්සව මාලාවක් හරහා සිදු වීම විශේෂත්වයකි.
මෙලෙස වැඩිදියුණු කර නැවත දියත් කළ Classique GLO නිෂ්පාදනය, ජර්මන් පොලිමර් තාක්ෂණය ඇසුරෙන් එක් කළ කුණු පැල්ලම් සහ සළකුණු වලට ඔරොත්තු දෙන ස්වභාවය නිසා සුවිශේෂී වන අතර මෙය නිවෙස් හිමියන් හට ගෘහභාණ්ඩ සහ වෙනත් දෑ බිත්තිවල ඇතිල්ලීම නිසා ඇතිවන එදිනෙදා කුණු පැල්ලම් සහ සළකුණුවීම් වලින් දීර්ඝකාලීන ආරක්ෂණයක් ලබා දෙයි. වසර පහක වගකීමේ සහතිකයක් සමඟ එන නව වැඩිදියුණු කළ Classique GLO තීන්ත උසස්ම නිමාවේ ගෘහ පින්තාරුකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රමිතීන් මෙන්ම කල් පැවැත්ම සහ කාර්යසාධනය සම්බන්ධයෙන්ද පැවති පිළිගත් ප්‍රමිතීන් අභිබවා යන විශිෂ්ට නිෂ්පාදනයක් ලෙසින් හැඳින්විය හැකිය.
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ අලෙවි නියෝජිතයින් හට නව වැඩිදියුණු කළ Classique GLO නිෂ්පාදනය හඳුන්වාදීම සඳහා සංවිධානය කෙරුණු උත්සව මාලාවේ ප්‍රධානතම උත්සවය කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති අතර ඊට දිවයිනේ නන් දෙසින් පැමිණි අලෙවි නියෝජිතයින් 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝෂෆ් ඊපන්, එම සමාගමේ දකුණු ආසියානු සහ පැසිෆික් දූපත් කලාපය සඳහා ප්‍රධානී බුධාදිත්‍ය මුඛර්ජී, ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිතරන් යන මහත්වරුන් ප්‍රමුඛ ඒෂියන් පේන්ට්ස් ජාත්‍යන්තර ජාලයේ ඉහළ නිලධාරීන් සහ කළමනාකාරීත්වයේ සාමාජික/සාමාජිකාවන් රැසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් වෛතිලිංගම් කිරිතරන් මහතා මෙසේ පැවසීය “ජාත්‍යන්තර තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන් අපි නිරන්තරයෙන්ම උසස් තාක්ෂණය, ඉහළ නිර්මාණශීලීත්වය සහ කල් පැවැත්ම යන සියළ කරුණුවල සුසංයෝගය හරහා අඛණ්ඩවම නව්‍යකරණ විශිෂ්ටත්වය හඹා යෑම වෙනුවෙන් කැප වී සිටිනවා. වැඩිදියුණු කර නැවත හඳුන්වාදුන් Classique GLO නිෂ්පාදනය අපේ ඒ කැපවීමට මනා උදාහරණයක් වශයෙන් සඳහන් කළ හැකි නිෂ්පාදනයක්. අපි මේ නව්‍යකරණය සිදු කිරීමට පෙර දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන විලාසිතාවන් සහ ඔවුන් සිය නිවෙස් අලංකාරව සහ ආකර්ෂණීය ලෙසින් පවත්වා ගෙන යාමට ඇති කැමැත්ත පිළිබඳව ඉතා ගැඹුරු අධ්‍යනයන් සිදු කළා. ජර්මන් පොලිමර් තාක්ෂණය පදනම් කරගෙන කුණු පැල්ලම් සහ සළකුණුවීම් වලට හොඳින් ඔරොත්තු දෙන, අපේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට ඉතාම හොඳින් ගැලපෙන, කාලීන නිෂ්පාදනයක් සාර්ථකව නිර්මාණය කිරීමට අපට හැකි වුණේ ඒ නිසයි. අපේ හිතවත් අලෙවි නියෝජිත ජාලයේ සහය ඇතිව, ශ්‍රී ලංකාව පුරා විසිරුණු පාරිභෝගිකයින් හට අවම මහන්සියකින් ඔවුන්ගේ නිවස්න ඉතා අලංකාරව සහ ආකර්ෂණීයව නඩත්තු කරගෙන යාමට හැකියාව නව Classique GLO හරහා ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා”.
Classique GLO උත්සව මාලාවේ අනෙකුත් උත්සව සිට්‍රස් වස්කඩුව සහ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් යන හෝටල්වල එම කලාපයන්හි අලෙවි නියෝජත ජාලයන් ආවරණය වන ආකාරයට සංවිධානය කෙරී තිබුණු අතර අලෙවි නියෝජිතවරුන් හට නව Classique GLO නිෂ්පාදනයේ විශේෂත්වයන්, එහි ප්‍රවර්ධන කටයුතු සහ පාරිභෝගික ඉල්ලුම කළමනාකරණය කරගන්නා ආකාරය වැනි කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම මෙම වැඩසසටහන් මාලාව හරහා සිදු කෙරිණි.
ජර්මන් පොලිමර් තාක්ෂණය ඇසුරෙන් වැඩිදියුණු කර ඇති Classique GLO නිෂ්පාදනය හරහා නිවෙස් හිමියන් හට කිසිදු කරදරයකින් තොරව සිය නිවෙස්වල බිත්ති ඉතා පිරිසිදුව සහ දීප්තිමත්ව තබා ගැනීමට හැකියාව ලැබෙන අතරම එහි ඇති උසස් නිමාව, දීප්තිමත් සුදු පැහැය ඇතුළු අනර්ඝ වර්ණ රැසකින් තෝරා ගැනීමේ හැකියාව නිසා නිවෙස් වෙත නව ජීවයක් ලබා දීමටද හැකියාව ලැබෙයි. එමෙන්ම Classique GLO හි ඇති දීප්තිය පරාවර්තනය කරන මෘදු නිමාව, ගෘහ නිර්මාණ සෞන්දර්යය අලුත්ම මානයකට ගෙනයන අතර එය අත්විඳින්නන් හට උණුසුම් හැඟීමක් දනවයි. වසර පහක වගකීමේ සහතිකයක් සමඟ එන නව Classique GLO දිගු කාලීනව පවතින සෞන්දර්යාත්මක නිමාව සහ පහසු නඩත්තුව අපේක්ෂා කරන නිවෙස් හිමියන් වෙනුවෙන්, කල්පැවැත්ම, අලංකාරය සහ නව්‍යකරණය යන සියල්ල එකට මුසු කරගත් විශිෂ්ටතම නිෂ්පාදනයක් වශයෙන් හැඳින්විය හැකිය.
ඉන්දියාවේ අවිවාදිත අංක එකේ තීන්ත සන්නාමය වන ඒෂියන් පේන්ට්ස්, ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක සිය නිෂ්පාදන අලෙවි කරන, සිය නිෂ්පාදනවල ගුණාත්මක බව සහ නව්‍යකරණය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් හිමි කරගෙන ඇති සන්නාමයකි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ නිෂ්පාදන පෙළ අතරට පිටත/ඇතුළත ඉමල්ෂන් තීන්ත, පිටත බිත්ති සඳහා පින්තාරු කෝටින්ග්ස්, ජලආරක්ෂණ විසඳුම්, මෝටර් රථ තීන්ත, දැව සත්කාරක තීන්ත සහ වෙනත් පින්තාරු නිෂ්පාදන යන සියළුම කාණ්ඩවලට අයත් පාරිභෝගිකයින් අතර සහ වෙළඳපොලෙහි නම රැන්දූ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ නිෂ්පාදනයන් රැසක් අයත් වේ.