hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 12, පෙ.ව. 5:51



පාසල් බෑග් සහ සපත්තු මිල කඩිනමින් පහළ දැමීම සඳහා පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ (11) මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡාකර තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී මව්පියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

දැනට සපත්තු සහ බෑග් ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර දේශීය වශයෙන් සිදුකරන නිෂ්පාදන සඳහා ද අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුව තිබෙනවා.

එබැවින් ඩොලරයට සාපේක්ෂව දේශීය වෙළඳපොල භාණ්ඩ මිල පහළ යායුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිල පහළ යාමක් සිදුව නොමැතිනම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධ්පතිවරයා දැනුවත්කර මිල අඩුකිරීමට පිළියම් යෙදිය යුතු බවද අමාත්‍යවරයා අදාළ නිලධාරින් වෙත උපදෙස් දී තිබෙනවා.