hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 11, පෙ.ව. 8:54



රාජ්‍ය ණය අතුරින් තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ (2023) දී සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ අනුව ණය තිරසාර ඉලක්ක සපුරා ලිය හැකි සහ නොපියවූ රාජ්‍ය ණය කළමනාකරණය කළ හැකි මට්ටමකට අඩු කිරීමට මේ යටතේ අපේක්‍ෂිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකරන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුව මේ කටයුතු සිදුවෙයි. මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප ඇගයීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

වර්ෂ 2027 සිට වර්ෂ 2032 දක්වා කාලයේ දී රජයේ ණය වාරික හා පොලී ගෙවීම් ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.5 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ද රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආපේක්‍ෂා කරන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.