hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 23, පෙ.ව. 10:29



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පහසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් පනවමින් 2020 අගෝස්තු 21 දින නිකුත් කර තිබූ නියෝගය මෙම නියෝගයත් සමඟ අවලංගු කෙරෙනු ලැබෙනවා.

එනම් උපරිම ණය පොලී සීමා අහෝසි වනු ඇති.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන නව පොලී අනුපාතිකය කොපමණද යන වග මීළඟ බිල් දිනයේ දී දැන ගත හැකි වනවා.

මේ අතර බැංකු පද්ධතිය වෙත තැන්පතු ආකර්ශනය කර ගැනීම සඳහා ඒ සඳහා ලබා දෙන පොලී අනුපාතික ප්‍රමාණවත් වන පරිදි ගළපන ලෙස ද මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

අදාල නියෝගය ඊයේ (21) දින නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.