hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 03, ප.ව. 2:29



lassana.com පෞද්ගලික සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Lassana Innovations පෞද්ගලික සමාගම විසින් උසස් තත්ත්වයේ කුකීස් සන්නාමයක් ලෙස Treats of Ceylon නිෂ්පාදන පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරන ලදි.

මෙම කුකීස් නිෂ්පාදනයට මෙරට කුරුඳු, කළු ගම්මිරිස්, එන්සාල්, කරාබුනැටි, සාදික්කා, වසාවාසි ඇතුළු රසකාරක රැසක් අඩංගු කර ඇති අතර අපනයනය සඳහා ද සුදුසු ගුණාත්මක බවින් යුක්තය.

Treats of Ceylon නිෂ්පාදනය එළිදැක්වීම සංකේතවත් කරමින් lassana.com පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා විසින් කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතාට පළමු Treats of Ceylon නිෂ්පාදන කට්ටලය ප්‍රදානය කරන ලදි.

“ශ්‍රී ලංකාව හොඳම කුළුබඩු සහ පිරිසිදු රසකාරක භාවිතය සම්බන්ධයෙන් ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. නමුත් ලොව පුරා විසිරී සිටින තරුණ, මහළු කාගෙත් රස නහර ආකර්ෂණය කර ගන්නා ප්‍රනීත ආහාර පාන සැකසීම පිළිබඳව අප සතු ප්‍රවීණත්වය පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳපොලට තියෙන්නෙ ඉතාම අල්ප දැනුමක්. ඒ නිසා සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් වර්ධනය වුණ ව්‍යාපාරයක් විදියට ලංකාවේ ප්‍රණීතම ආහාර ලෝකයට ගෙනියන්න අපිට සිහිනයක් තිබුණා. ඒ සිහිනය වෙනුවෙන් වෙහෙස වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදියට Treats of Ceylon හඳුන්වා දෙන්න පුළුවන්.“ යැයි lassana.com පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා ප්‍රකාශ කළේය.

Treats of Ceylon මැද පෙරදිගට, අමෙරිකා එක්සත් ජනපදයට, යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට අපනයනය කෙරෙන අතර දිවයින පුරා ඇති සියලුම සුපිරි වෙළෙඳසැල් වෙතින් ද ලබා ගත හැකිය.

“මේ සුවිශේෂී නිෂ්පාදනය දියුණු කරන්න අපි ගත්ත පර්යේෂණාත්මක සහ සංවර්ධනාත්මක උත්සහයන් ගැන අපි ආඩම්බර වෙනවා. අපිට කොයි තරම් ලොකු ආශාවක් සහ දැක්මක් තිබුණත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් වෙළෙඳපොලට නිකුත් කරන්න නම් පර්යේෂණාත්මක ගැඹුරක් ඇතිව දැඩි වෙහෙසකින් වැඩ කළ යුතු බව අපි දැනගෙන හිටියා. ඉතින් ඒ දීර්ඝතම සහ වෙහෙසකර ක්‍රියාවලියට සියලුම ආකාරවලින් සම්බන්ධ වුණ සෑම කෙනෙකුටම ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මේ ඔස්සේ ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන යාමට හැකි වීම සම්බන්ධයෙන් ඒ සියලුම දෙනාටම සුබ පතනවා“ යැයි Lassana Innovationsහි මෙහෙයුම් ප්‍රධානී යුගන්ත සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.