2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:03
ඉන්ධන ප්‍රශ්නය නිසා වැඩිදෙනෙක් ඉලෙක්ට්‍රික් වාහන වලට එහෙමත් නැත්නම් බයික් වලට මාරු වෙනවා.
ඉලෙක්ට්‍රික් වලට ආසකරන එහෙමත් නැත්නම් පෙට්‍ර්ල් වාහන වලට වඩා ඉලෙක්ට්‍රික් හොදයි කියන අයට සුබ ආරංචියක් තිබෙනවා.
ඒ තමයි අද සිට වෙළෙදපොළට නවීන පන්නයේ ඉලෙක්ට්‍රික් ස්කූටර්, ත්‍රිවීල් වගේම, ට්‍රැක්ටර් මිලදී ගැනීමට පුළුවන්.
මේ වාහන නිපදවන්නේ වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය.
වෙළෙදපොළේ අනෙකුත් යතුරුපැදි වලට වඩා මිලෙන් ද අඩු බවට තොරතුරු වාර්තා වෙනවා.
ඉතිං මේ නව වාහන වෙළෙදපොළට නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අතින් විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුණා.
විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක්වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසුවා.
“වෝල්ටා සමාගමේ දක්ෂතා නැරඹීම සඳහා පැමිණීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රජය පාර්ශ්වයෙන් මෙම ව්‍යාපාරයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ අපි සොයා බලනවා. හරිත බලශක්ති ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අපි අගය කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමුකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. දැන් ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි.”

2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26