hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මාර්තු 25, පෙ.ව. 8:45



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් දැනුම්දීමක් සිදු කර ඇත.

ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ අදාළ ගෙවීම් හෙට (26) දින සිදුකිරීමට නියමිත බවයි.

එබැවින් අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට මෙම වැඩිහිටි දීමනාව ලබා දෙන බවත් මේ අනුව රුපියල් 3,112,310,000ක මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකු සඳහා රුපියල් 356,695,000ක මුදලක් හෙට දින අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

එසේම අදාළ මුදල ප්‍රතිලාභීන්ට මාර්තු මස 26 වැනි දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මඟින් ලබා ගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුරටත් තම නිවේදනයේ දක්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: