2023 ජූනි 23, පෙ.ව. 8:33
මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.
රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී භෝග වගාවන්ට වඩා වෙනත් කර්මාන්ත කෙරෙහි උනන්දු වන බවත්, ඔවුන් වතු නිසි ලෙස නඩත්තු නොකරන බවත්, සේවකයන්ගේ සුබසාධන පහසුකම් පිළිබද උනන්දු නොවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.
එවැනි වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සදහා රජය සතු නිසි යාන්ත්‍රණයක් නොමැති වීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
ගෙවන්නේ සුළු වැටුපක්
මෙම විශාල වතු සමාගම් කම්කරුවන්ට ඉතා සුළු වැටුපක් ගෙවන බවත් ඇතැම් වතුවල මූලික පහසුකම් පවා ලබා නොදෙන බවත් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කර තිබෙනවා.
ඉතා දුර්වල බදු ගිවිසුම් යටතේ මෙම වතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බැවින් මෙම වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම අපහසුවී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
මෙම සමාගම් බොහෝමයක් යටිතල පහසුකම් සංවර්ධනය නොකරන බවත් විශේෂයෙන් තේ වගාව සිදු කරන ඇතැම් සමාගම් ඉන් ඈත්වී ඇති බවටත් නිරීක්ෂණය වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
භාවිතයට නොගත් ඉඩම්
එවැනි සමාගම් යටතේ පවතින හෙක්ටයාර් විශාල ප්‍රමාණයක් වගාවකින් තොරව භාවිතයට නොගත් ඉඩම් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් ගැටලු විසදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර පොල් වැනි වැවිලි භෝගවල දක්නට ලැබෙන ගැටලු සහ පළිබෝධකයන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
පළිබෝධ උවදුර හේතුවෙන් නතර කර තිබූ මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාව යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දුන්නා.
2024 දෙසැම්බර් 31, ප.ව. 4:56
2024 දෙසැම්බර් 30, ප.ව. 2:46
2024 දෙසැම්බර් 27, ප.ව. 3:42
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22