2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරන ලදී. ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දෙන්නට Evolution Auto කටයුතු සංවිධානය කර තිබිණි. මෙම නව පියවර සමගින්, යතුරු පැදි, ත්‍රිරෝද රථ, වෑන් රථ, පිකප් රථ සහ සුඛෝපභෝගී මගී වාහන යන සියල්ල ආවරණය කරමින්, ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ස්ථාපනය කරන විප්ලවයේ පුරෝගාමියා ලෙසින් නොසැලෙන ස්ථානයක Evolution Auto ස්ථානගත වනු ඇත.
Evolution Auto සමාගමේ මෙම සුඛෝපභෝගී EV රථ හඳුන්වා දීමේ අවස්ථාවේ දී, AVATR, XPENG, IM Motors, Riddara by Geely සහ KYC ඇතුළු සුවිශේෂී පරාසයක ඇති ගෝලීය වෙළඳ නාමයන් ගණනාවක් දක්නට ලැබිණි. මෙම ප්‍රදර්ශනය සඳහා Evolution Auto ඇතුළත් කළ සෑම වාහන මාදිලියක්ම කාර්ය සාධනය, සුවිශිෂ්ට නිර්මාණ සැලසුම සහ අනාගත තාක්ෂණය යන සියල්ලේම අද්විතීය සම්මිශ්‍රණයක් පිළිබිඹු කළ අතර, ශ්‍රී ලංකාවේ විවිධ කාණ්ඩයන්ට අයත්, විවිධ ජීවන රටා ඇති සෑම අයෙකුටම ප්‍රවේශය ලැබෙන අති නවීන විද්‍යුත් වාහන සංචිතයක් හඳුන්වා දීමේ Evolution Auto මෙහෙවර මොනවට පැහැදිලි කරන ලදී.
මෙම නවීන විද්‍යුත් වාහන එකතුවට අයත් වූ, Changan, Huawei සහ CATL එක්ව නිර්මාණය කරන ලද සුඛෝපභෝගී SUV රථයක් වන AVATR-11, හැඩකාර නිමාවක් සහ සුවිශේෂී විශේෂාංග සමඟ, ස්මාර්ට් තාක්ෂණය ඒකාබද්ධ කොට නිමවී තිබේ. Volkswagen, Foxconn සහ Alibaba සමාගම් වල සහයෝගීතාවයෙන් නිර්මාණය වූ XPENG G6, මේ වන විට ගෝලීය වෙළඳපල 60 කට අධික ප්‍රමාණයක ආධිපත්‍ය පතුරුවා තිබෙන අතර, තත්පර 6.6 ක් තුළ පැයට කිලෝමීටර 0–100 ක වේගයක් සළකුණු කර සිටී. එසේම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථයක ඇති බලවත්ම මෝටරය වන 190 kW මෝටරයක් ද සහිතව XPENG G6 මාදිලිය සාඩම්බරයෙන් යුතුව හඳුන්වා දෙනු ලැබේ. Evolution Auto හි EV රථ එකතුවට නවතාවයක් ලබා දෙමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන SAIC Motor (MG සමාගම පිටුපස මෙන්ම, Chevrolet සහ GM සමඟ හවුල ද පිටුපස SAIC Motor සිටී,) විසින් හඳුන්වා දෙනු ලැබූ IM Motors IM5 Intelligent Gran Coupe සහ IM6 Intelligent Gran SUV රථ මාදිලි ද මෙහිදී දැකගැනීමට ලැබිණි.මෙම රථ මාදිලි Crab Mode, Rainy Night Mode සහ dynamic driver interfaces වැනි AI-තාක්ෂණයන්ගේ සහායෙන් බලගැන්වෙන නවීනතම විශේෂාංගයන්ගෙන් ද යුක්ත විණි.
එසේම, Evolution Auto විද්‍යුත් රථ පෙළගැස්ම ඔස්සේ, Geely Holding Group විසින් නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ පළමු PLV රථය (Performance Lifestyle Vehicle) වන Riddara RD6 ද එළිදක්වන ලදී. SUV-ශ්‍රේණියේ මෝටර් රථ තුළින් අපේක්ෂා කරන සුවපහසුව සමඟ, දුෂ්කර භූමියට ගැලපෙන Off-road හැකියාවන් ද එක් තැන් කළ, RD6 මෝටර් රථය, මිලිමීටර් 815 දක්වා ගැඹුරක ජලය තුළ ගමන් කිරීමේ හැකියාවක් සහ 540° කැමරා පද්ධතියක් සමඟින්, දේශීය වෙළඳපොලේ පිකප් රථ සඳහා පවතින අපේක්ෂාවන් වඩාත් ඉහළ තලයකට ගෙනැවිත් තිබේ. වාණිජ වෑන් රථ අංශය සඳහා, KYC සමාගමෙන් හඳුන්වා දුන් V5 සහ V7 විදුලි වෑන් රථ මාදිලි, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් CATL බැටරි පද්ධති සහ කාර්‍යක්ෂම නිර්මාණ සැලසුමක් සහිත ආසන 9 ක විකල්පයක් ලබා දෙන අතර, මෙම වෑන් මාදිලි, දිගු කාලීනව ව්‍යාපාර සඳහා හෝ පුද්ගලික භාවිතය සඳහා වඩාත් සුදුසු වනු ඇත.
මෙහිදී ප්‍රදර්ශනයට එකතු කර ඇති සියලුම රථ මාදිලි, Evolution Auto හි අසමසම අලෙවියෙන් පසු සේවාව සමඟින්, වසර 8ක් දක්වා බැටරි වගකීමකට, වාහනය සඳහා වසර 5ක වගකීමකට සහ වසර 5ක් හෝ කිලෝමීටර් 100,000ක් සඳහා ලැබෙන පුළුල් නඩත්තු පැකේජයකට හිමිකම් කියනු ඇත. මෙය පාරිභෝගික විශ්වාසය සහ දිගුකාලීන හිමිකාරිත්ව වටිනාකම සඳහා Evolution Auto දක්වන කැපවීම ගෙන හැර දක්වයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Evolution Auto සමූහ ප්‍රධාන විධායක නිළධාරි විරාන් ද සොයිසා මහතා මෙසේ සඳහන් කරන ලදි. “වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණයෙන් වැඩිදියුණු කල රථවාහන අනාගතයක් කරා යන ගමනේ සන්ධිස්ථානයක් අද සනිටුහන් කරනු ලබනවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන නව විද්‍යුත් වාහන මාදිලි 7 ක් වෙළදපොලට නිකුත් කරමින් දෛනික ප්‍රවාහන කටයුතු වල සිට වාණිජ ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම සුඛෝපභෝගි රථවාහන විසඳුම් යන සියළු ප්‍රවාහන ක්ෂේත්‍ර ආවරණය කරන Evolution Auto ආයතනය, විවිධත්වයක් සහිත විද්‍යුත් වාහන රටට සමීප කළ විශාලතම සමාගම බව ආඩම්බරයෙන් සදහන් කරන්න පුළුවන්. මෙම නව විද්‍යුත් වාහන මාදිලි හඳුන්වාදීමත් සමග, ජනතාවට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්, විද්‍යුත් වාහන තෝරාගැනීම පිළිබද විශ්වාසය තවදුරටත් වැඩි කරමින් ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නව ප්‍රමිතීන් හදුන්වාදීමක්ද සිදුවනවා.”
තමන්ගේ දිනෙන් දින පුළුල් වන EV රථ පෙළගැස්මට පසුතලයක් සපයමින්, Evolution Auto ශ්‍රී ලංකාව තුළ තමන්ගේ සළකුණ ක්‍රමයෙන් පුළුල් කරමින් සිටී. ඒ අනුව, Evolution Auto ඉක්මනින්ම ඩුප්ලිකේෂන් පාරේ තමන්ගේ flagship premium ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට නියමිතව සිටී. ඊට අමතරව ඔවුන් තම එක් ප්‍රදර්ශනාගාරයක් හැව්ලොක් සිටි තුළ ද, KYC මාදිලි සඳහාම වෙන් වූ ප්‍රදර්ශනාගාරයක් පෑලියගොඩ ද ස්ථාපනය කොට තිබේ. එසේම, පෑලියගොඩ විවෘත වන Evolution Auto හි නව බහු-සන්නාම EV රථ සේවා සංකීර්ණය, ආයතනය විසින් නියෝජනය කරන සියලුම වෙළඳ සන්නාමයන්ට අයත් වාහන මාදිලි සඳහා අලුත්වැඩියා සේවාවන් සහ නඩත්තු සේවාවන් ලබා දීමටත්, එසේම අලෙවියෙන් පසු සේවාව ලබා දීමටත් වෙන්වනු ඇත.
“ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන හඳුන්වාදීමේදී අපි ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යුත් වාහන සන්නාමයන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සහ එම වාහන හිමියන්ට සිය වාහනය පිළිබඳව පළමු මොහොතේ පටන්ම විශ්වසනීය හා පරිපූර්ණ අත්දැකීමක් ලබාදීමයි. අප ලංකාවට හදුන්වාදෙන සෑම විද්‍යුත් වාහන මාදිලියක්ම ආකර්ෂණීය නිමාවකින්, මෙන්ම කාර්යක්ෂමතාව සහ තාක්ෂණය අනුව ඊටම ආවේණික වූ සුවිශේෂත්වයකින් සමන්විත වනවා. දිගුකාලීනව ලබාදෙන අලෙවියෙන් පසු සේවාව මෙන්ම විශ්වසනීය නව්‍යත්වයන් හදුන්වාදීම, නිරන්තරයෙන්ම කැප වූ සේවාවක් සැපයීම සහ අනාගතයට ගැළපෙන රථවාහන විසඳුම් සැපයීම” යන Evolution Auto හි ප්‍රමුඛ ප්‍රතිඥාවට අනුව අප සෑම විටම කටයුතු කරනවා.” මේ පිළිබද අදහස් දක්වන Evolution Auto හි අළෙවි ප්‍රධානි අෂාන් වික්‍රමසිංහ මහතා එසේ සඳහන් කරන ලදි.
ශ්‍රී ලංකාව පුරා විශ්වසනීයව විද්‍යුත් වාහන හඳුන්වා දීම, අලෙවිය සහ සේවය සඳහා තම ආයතනය දක්වන කැපවීම සවිබල ගන්වමින්, Evolution Auto, කුරුණෑගල, මහනුවර සහ මාතර නගර වල ස්ථාපනය කළ සිය හවුල්කාරිත්වයන් ඔස්සේ පාරිභෝගික සේවාව ලබා දෙයි. එසේම සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සහ පහසු ප්‍රවේශයක් ලබා දීම සඳහා රට පුරා ව්‍යාප්ත වීමට ද Evolution Auto සැලසුම් සකස් කරමින් සිටී. ඒ අතරම, තමන්ගේ වාහන මාදිලි සියල්ලක්ම සඳහා අලෙවියෙන් පසු දිවයින පුරා විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා, Evolution Auto ආයතනය, Sterling Aftercare සමඟ හවුල්කාරීත්වයකට ද එළැඹ සිටී.