hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 7:02



නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එසේම දැනට ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ද මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාළ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙසයි සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුරාසැල් නොමැති බවත් තවත් ප්‍රදේශවල සුරාසැල් රැසක් ඇති බවත් හෙළි වී තිබෙනවා.

එවැනි පසුබිමක නව සුරා බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්පත් නිකුත් කර තිබීම මත ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයැදුම්පත් ලබාගත්ත ද කිසිදු අයැදුම්පතකට බලපත්‍ර ලබාදීමක් සිදු කර නැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසනවා.